Advertisement
hashlok95

Untitled

Oct 31st, 2018
96
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 3.62 KB | None | 0 0
  1. බිත්ති හතරක් ඇතුළේ නිරුවත් වෙනවාට වඩා ප්‍රේමයකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තිබුණා... ❤️ ඔයාට මාව විශ්වාස නැද්ද..? හැමදාම ආදරෙයි ආදරෙයි කියන්නේ බොරුවටද.? කවදාම හරි ඔය දේවල් මට නන්...දැන් දුන්නම මොනා වෙනවද...? මාව සැකයි නන් අපි මේ සම්බන්දේ නතර කරමුද...? ඉතින් කෙල්ලේ ඔය වචන වලට බයේ රෙදි ගලවන එකද ඇත්තටම ආදරේ...? කොල්ලෙක් උනාම... තමන්ගේ කෙල්ලව ඇස් දෙක වගේ පරිස්සම් කරන්න පුළුවන් වෙන්න ඕන... කව්රු මොනා කිව්වත් කෙල්ල වෙනුවෙන් ඕනම තැනක කතා කරන්න පණ තියෙන කශේරුකාවක් තියෙන්න ඕන... මොනම හේතුවකට හරි දවසක වෙන් වෙන්න උණොත් මගේ කෙල්ලට මම වරදක් කරේ නෑ කියලා ආත්මයෙන්ම සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන.... කෙල්ලගේ ඇදුම් ගලවන එක නෙමෙයි, ඇග පේන්න ඇදුමක් ඇන්දත් මහ සද්දෙන් කෑ ගහන එකයි පෙම්වතෙක්ගේ යුතුකම... ඇනිවසරි එක සමරන්න ඕනද.. ආස නැද්ද.. අම්මා තාත්තා නැති පුංචි එවුන් ටිකක් වටකරගෙන උන්ට බත් කටක් කවන්න දෙන්නගේ බර්ත් ඩේ වලට ග්‍රෑන්ඩ් පාර්ටි එකක් දාන්නද කල්පනාව නරකද... වැඩිහිටි නිවාසෙකට ගිහින් අහිංසක අම්මලත් එක්ක සින්දුවක් කියලා පැයක් දෙකක් හරි ඒ මිනිස්සුන්ව සතුටින් තියන එක එහෙමත් නැත්තන්.. මහරගමට තැඹිලි ගෙඩි ටිකක් පූජා කරන එක. පාරේ ඉන්න අසරණ අයට බත් පාර්සලයක් දෙන එක... ප්‍රේමයකට ඕන ආශිර්වාදයක්.. ඔහේ ඇතිවෙලා ඔහේ නැතිවෙන්න නම් මොකටද බැඳීමක්... කාගෙවත් ඇස්වහක් වැදෙන්න නොදී.. ආදරයක් රැක ගන්න එක පාරමිතාවක්.. ආදරේට ආදරේ විතරක්ම දෙන්න එතකොට සිදුහත්ලා යශෝධරාලා බිහිවෙයි දහස් ගාණක්... බණ කියන්නෑ කෙල්ලොත් දැනගන්න ඕන.... අම්මා තාත්තට ආදරෙයි නන් පරිස්සම් වෙන්න ඕන.... පෙති දෙක තුනක් කැඩුණම මලක් ලස්සන නෑ කියලා තේරුම් ගන්න ඕන.... ____________________________________________ උපුටා ගැනීම
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement