Advertisement
sajith600

බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කවියෙන්..

Jan 15th, 2014
186
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 8.99 KB | None | 0 0
  1. [බුදුගුණ අලංකාරය පද්‍ය ග්‍රන්ථයේ 272 වන පිටේ සිට..]
  2.  
  3. සියපින් සිරින් සරු
  4. දෙතිස් ලකුණින් විසිතුරු
  5. කෙලෙසුන් කෙරෙන් දුරු
  6. වඳිමි මුනි උතුමන් තිලෝ ගුරු
  7.  
  8. 1. සුප්පතිට්ඨිත පාද ලක්ෂණය
  9. රන් මිරිවැඬි ලෙසට
  10. වළ ගොඩ නොවී එක විට
  11. වැද නැගෙන මිහි පිට
  12. මෙවැනි දෙපතුල් ය අපේ මුනිඳුට
  13.  
  14. 2. චක්‍ර ලක්ෂණය
  15. නැබ නිම් දිසි නිමල
  16. අර දහසකින් මන කල
  17. සියටක් රුවිනි දුල
  18. මෙවැනි රිය සක් දෙහෙකි දෙපතුල
  19.  
  20. 3. ආයත පණ්හී ලක්ෂණය
  21. පතුල සතරක් කොට
  22. බෙඳුනෙන් එකක් විලුඹට
  23. දිලි රත් පලස් වට
  24. ලෙසින් දිගු විලුඹ අප මුනිඳුට
  25.  
  26. 4. දීඝංගුලී ලක්ෂණය
  27. අඩු වැඩි නු විතර
  28. ඉඟුල් පළු සේ පැහැ සර
  29. රතැඟිලිය මුනිවර
  30. මොළොක් දික් අක් සිහින් මනහර
  31.  
  32. 5. මුදු තළුණ හත්ථ පාද ලක්ෂණය
  33. පොළමින් සියක් වට
  34. පහන් ගිතෙලෙහි ලූ යට
  35. කපු පුලුනක් ලෙසට
  36. මොලොක් අත් පාය අප මුනිඳුට
  37.  
  38. 6. ජාල හත්ථපාද ලක්ෂණය
  39. ඇදුරකු විසින් කළ
  40. දැලි කවුළු සේ නික සළ
  41. අත පය මුනි ලකළ
  42. ඇඟිලි සම අතුරු වෙයි පැහදුළ
  43.  
  44. 7. උස්ඩ්ඛපාද ලක්ෂණය
  45. පිටිපස ඉදිරි පිට
  46. බැලුවත් දෙ අත් වර සිට
  47. යටි පළු පෙනෙනු කොට
  48. උස්ව සිටි බෝලයටද මුනිඳුට
  49.  
  50. 8. එණිජංග ලක්ෂණය
  51. මුලින් දළ සිහි නඟ
  52. වට ව සිටි සේ එක රඟ
  53. සොඳුරු ඇල් ගැබ් රඟ
  54. කෙරෙහි මන දහ මුනිඳු යුග රඟ
  55.  
  56. 9. දීඝ බාහු ලක්ෂණය
  57. දිලි මුනි දිව නෙතින්
  58. කඳු මිට නොවී නියතින්
  59. නො නැමී සිට ගතින්
  60. දෙ දණ පිරිමදින්නේ ය දෙයතින්
  61.  
  62. 10. රුෂ ව්‍යඤ්ජන ලක්ෂණය
  63. පියුම් පෙති ඇතුළට
  64. වැද සිටින කෙමි විලසට
  65. වැද සිටි කය තුළට
  66. පුරිස් ලකුණැත්තේය මුනිඳුට
  67.  
  68. 11. සුවණ්ණ වණ්ණ ලක්ෂණය
  69. දාඇහිඟුලෙන් මැ දළ
  70. ඔප් ලා බහා දිව දළ
  71. ගුරු පිරියම් ලකළ
  72. මුනිඳු රුව රන් රුවෙව් නිකසළ
  73.  
  74. 12. සුඛමච්ඡවි ලක්ෂණය
  75. අල පත දිය ලෙසට
  76. දැලි තෙල් රජස් හැම විට
  77. ගත නො රඳන ලෙසට
  78. සියුම් සිවි ඇත්තේය මුනිඳුට
  79.  
  80. 13. ඒකේක ලෝම ලක්ෂණය
  81. දු‍ටු වෙයි පෙර්මය
  82. දැක දැක රිසි නො යේමය
  83. මුන්නිඳු ඇඟ රෝමය
  84. දෙකක් එක තැන නො සිටින්නේමය
  85.  
  86. 14. උද්ධග්ග ලෝම ලක්ෂණය
  87. නිල් මිණි රස් තරහ
  88. විහිදුවා සිටි මන රඟ
  89. හැම ලොම මුනිඳු ඇඟ
  90. වළලු හි උඩ බලා සිටි අඟ
  91.  
  92. 15. බ්‍රහ්මුජ්ජුගත්ත ලක්ෂණය
  93. නෙත නෙත පියක රුව
  94. තිර සර ගුණෙන් විදු රුව
  95. ලෙසින් මහ බඹු රුව
  96. මුදුව ඉ රුදු ව සිටි මුනි රුව
  97.  
  98. 16. සතතුස්සද ලක්ෂණය
  99. දෙ ඇත් පිට පා පිට
  100. දෙවුරෙහි ක‍ඳෙහි නහරට
  101. නොපෙනෙන ලස උසට
  102. පිරුණු මස් ඇත්තේය මුනිඳුට
  103.  
  104. 17. සීහපුබ්බද්ධ කාය ලක්ෂණය
  105. සී රදුගෙ හිම දඩ
  106. පිරුණු වන් වෙයි පෙර කඩ
  107. පෙර කඩ ද පසු කඩ
  108. පිරුණු වන මුනිසඳූගෙ ලෝ වැඩ
  109.  
  110. 18. චිත්තන්තරංසි ලක්ෂණය
  111. කටියෙහි පටන් කොට
  112. කඳට දක්වා සම කොට
  113. රත් පලසක් ලෙසට
  114. පිහිටි මස් ඇත්තේය මුනිඳුට
  115.  
  116. 19. නිග්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය
  117. මුළු තුන්ලෝ වියත්
  118. දනයත් කරණ නො වියත්
  119. මුනිඳුන්ගේ කයත්
  120. දිගින් එක පමණ වෙයිබ ඹයක්
  121.  
  122. 20. සමවත්තක්ඛන්ධ ලක්ෂණය
  123. සදහම් දෙසන වර
  124. නොයිපිළ නහර පැහැසර
  125. මෙන් රන් මිහිඟු සර
  126. වටව මොනවට සිටි මුනිකර
  127.  
  128. 21. රසග්ගසග්ගී ලක්ෂණය
  129. මුනි සඳුගේ උගුරා
  130. සත් සියක් රස නහරා
  131. සිටියෙන් තුඩු පුරා
  132. යැපෙයිමඳ අහරකින් සිරුරා
  133.  
  134. 22. සීහහනු ලක්ෂණය
  135. සොළොස්වක සඳුගේ
  136. මඩල හනු සී රදුගේ
  137. පරයා එක රගේ
  138. පිරුණු හනු දෙකය මුනි රජුගේ
  139.  
  140. 23. චත්තාළීස දන්ත ලක්ෂණය
  141. පිහිටි දත් දෙ නිකට
  142. දෙ තිසක් වේය දන හට
  143. උස් මිටි නොව රුවට
  144. පිහිටි දත් සතළිසෙක මුනිඳුට
  145.  
  146. 24. සම දත්ත ලක්ෂණය
  147. ගා ඇතුළත් පිටත්
  148. සම කොට තුබු සක් පත්
  149. විලසින් මුනිඳු දත්
  150. සිටිය උස් මිටි නොවී මඳකුත්
  151.  
  152. 25. අවිවර දන්ත ලක්ෂණය
  153. තෙලි තුඩකින් සොඳුරු
  154. ඇදි ඉරි ලෙසින් පෑතුරු
  155. මදකුත් නොව සිදුරු
  156. විදුරු සේ සිටිය සත් මුනි විරු
  157.  
  158. 26. සුසුක්ක දාඨ ලක්ෂණය
  159. සුදු රස් මන රඟේ
  160. ලෙසින් සුරගග නරගේ
  161. විහිදෙන දස දිගේ
  162. සතර දළදා ය මුනි සඳුගේ
  163.  
  164. 27. පහූත ජිව්හ ලක්ෂණය
  165. දීග පා දෙකන් සිළ
  166. මොළොක දක්වා නැහැ තුළ
  167. පළලින් මුව මඬල
  168. වසන දිව මුනි සඳුගෙ පැහැ දුළ
  169.  
  170. 28. බ්‍රහ්මස්සර ලක්ෂණය
  171. කුරවි කෙවිලි හඬ
  172. මියුරුයි කියා බස මැඩ
  173. දෙවා තුති තුඩ තුඩ
  174. පවති සම්බුදු සඳුගෙ කට හඬ
  175.  
  176. 29. අභිනීල නේත්‍ර ලක්ෂණය
  177. ඉඳුනිල් මැණික රස
  178. සරිකොට නොකිය හැකි ලෙස
  179. වඩන සිත සතොස
  180. පහන් නිල් පැහැය මුනි යුවළැස
  181.  
  182. 30. ගෝපඛුම ලක්ෂණය
  183. එකෙණෙහි මන රඟේ
  184. උපන් රතු වස්සකු ගේ
  185. ඇස පිය ගුලි රඟේ
  186. පහන් ඇස් ගුලිය මුනිස ඳුගේ
  187.  
  188. 31. උණ්ණා ලෝමතා ලක්ෂණය
  189. ඇද රියනක් දිගට
  190. හළ සඳමඩල සේ වට
  191. බැම මැද නළල පිට
  192. දිලෙන උනුලොම් ය අප මුනිඳුට
  193.  
  194. 32. උණ්හීස සීස ලක්ෂණය
  195. දිය බුබුළක් ලෙසේ
  196. වටව ගෙන සිටි සොඳසේ
  197. නිල්මිණි ‍රැස් ලෙසේ
  198. බැබළී අප මුනිසඳුගෙ සිරසේ
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement