Advertisement
Guest User

Untitled

a guest
Sep 13th, 2017
75
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 21.83 KB | None | 0 0
  1.  
  2.  
  3.  
  4. ======================
  5. පසුගිය කොටසින්....
  6. ======================
  7. සීයට කවුරැ හරි කොදුරනව වගේ ඇහුණලු "පුතේ මම උඹට පොඩිකාලේ කියලා දුන්නු මන්තරේ මතක් කරගනින් කියලා" ඒත් එක්කම සීයාට මතක් වුණාලු මේ වෙලාවට එන්නේ සූනියම් දෙවියන්ගේ දරැණු වෙස් ඇති අවතාරයන් බව. සූනියම් දෙවියන්ගේ අවතාර වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ශ්‍රී විශ්ණු කාලෙම සීයාට මතක් වෙලා. සීයා පට ගාල වැලි අහුරක් අරගෙන ශ්‍රී විශ්ණු කාළමෙන් වැලි අහුරට මතුරල ගැහුවලු අවතාරය දිහාට. අවතාරෙ ක්‍රමයෙන් වෙනස් වෙලා සාමාන්‍ය මනුස්ස ස්වරූපයක් මවාගෙන "උඹ උඹේ මුත්තා නිසා බේරැණා" කියලා අතුරැදහන් වුණාලු.
  8. පස්සෙලු සීයාට කල්පනා වුනේ සීයාට රහසින් වගේ ඇහිලා තියෙන හඩ සීයාගේ මුත්තාගේ කියලා...
  9. ඔය කතාව අහලා ඉවර වෙලා අපි සෙට් එක ගෙදර එන්න පිටත් වුණා. ගෙදරට එනකොට වෙලාව පාන්දර 03.00 විතර වෙලා. අපි පාඩම් කළේ නෑ... තව තවත් හොල්මන් කතා කිය කිය හිටියා.....
  10. ===========
  11. ඉතිරි කොටස....
  12. =============
  13. ඔය විදිහට එදා රෑ පොතක් අතින්වත් ඇල්ලුවේ නෑ. තම තමන් දන්න එක එක කතා කිය කිය හිටියා.සමහරු මුත්‍රා කිරීමට වත් එලි පහලියට බහින්න බය වුණා ඒ කිව්ව කතා අහලා. පාන්දර 3.30 විතර තදේට අකුණු ගහන්න ගත්ත. තව ටික වෙලාවක් යනකොට ගොරවන්න ගත්ත. විවෘතව තිබුණු ජනේලයෙන් බලන විට අකුණු ගහන එළියට බය හිතෙන රෑප මැවි මැවී පේන්න ගත්ත. ඔය අතරෙ අම්ම නැගිටල කෝපි එකකුත් හදල ගෙනත් දුන්නා. අම්ම එනකොට සෙට් එක හොද ළමයි වගේ පොත් පෙරල පෙරල පාඩම් කරනව. (අපි ඉතින් හොද ළමයි නේ)
  14. කට්ටියගේ බයවුණ ගතිය කෝපි කෝප්පය බිව්වට පස්සේ කොහෙන් ගියාද නෑ.... (හික්ස්) තව ටික වෙලාවකින් අම්මා ඇවිත් අපි කෝපි බීපු කෝප්ප ටිකත් එකතුකරගෙන හොදට පාඩම් කරනවල කියලා ගියා. ස්වල්ප වේලාවකින් කුස්සියේ අම්මා කෝප්ප ටික සෝදනව ඇහුණා. තව ටික වෙලාවකින් කුස්සියේ විදුලි බල්බය නිවා දමන ශබ්ධය ඇසුණා. තව ටික වේලාවක් පාඩම් කරන ඉරියව්වෙන් හිටපු අපි අම්මාගේ කාමරයේ දොර වැසෙන ශබ්ධයත් සමගම නැවත සුපුරැදු කථාබහ පටන් ගත්තා.
  15. විදුලි කෙටීම සහ ගෙරවීමට අමතරව වැස්සකුත් වහින්න පටන් ගනිමින් තිබුණේ. ඔය අතරතුර එකෙක් අභියෝග කළා මේ වගේ වෙලාවට දොළ පහරවල් ලග හොල්මන් අවතාර තියනව කියලා, බය නැති එකෙක් ඉන්නවනම් අපේ පහළ දොළ පාර ළගට තනියම ගිහින් ෆෝන් එකේ කැමරාවෙන් දොළ පාර අවට ෆොටෝ ටිකක් ගහන් එන්න කියලා. ඔන්න දැන් චණ්ඩි ටික හිමීට බිම බලා ගත්ත. (මම මේ කථාවෙදී මගේ යාලුවෝ කාගේවත් නම් භාවිතා නොකර තමයි කථාව ලියන්න උත්සහ කරන්නේ, පැටලිලි සහගත නැතිවෙන්න ලියනව ඒවුණාට, අවුලක් තිබුණොත් කියන්න) කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති පාටක් පේන්න තිබුණ නිසා මම කතා කරන්න පටන්ගත්තා. "උඹ වැඩ්ඩ නම් මුලින්ම උඹ ගහගෙන වරෙන් ෆෝටෝස්, අපි යනව ඊටපස්සෙ" ඔව් උඹ යමන් මුලින් අනිත් උනුත් කියන්න ගත්තා. දැන් යොජනාව දාපු එකාට මල චාටර්. දැන් ඌට බය හින්දා ගිහිනුත් බෑ, චාටර් හින්ද නොගිහිනුත් බෑ.
  16. හරි මම යන්නම් කියලා ෆොන් එකත් අතට අරගෙන බඩ්ඩ බැස්සා එලියට. අපි සෙට් එකත් ඒත් එක්කම දොර ළගට ආව. ඇත්තටම ඒ වෙලාවේ පරිසරයේ තිබුණේ අති භයංකාර ස්වභාවයක්. පොද වැස්ස, ගෙරවිල්ල, අකුණු ගැසීමට අමතරව සුළං පාරත් ටිකක් තද වෙලා තිබුණේ. වෙලෙන් එහා පොල් ගස් ඒ මේ අත වැනෙන කොට කවුරුන් විශාල පුද්ගලයෙක් වෙලෙන් එහා සිට මෙගොඩට අත වනන ආකාරයට තමයි දිස් වුණේ. ඒ විතරක් නෙමෙයි, ඇයි ඉතින් එක එක භූත කථා අහල හැමෝගෙම සිත් වල පොඩි බයක් ඇතිවෙලා තිබුණේ රෑ එළියට බහින්න.
  17. අපේ ළිදට ගස් වල කොළ වැටෙන නිසා කුඩා වහළයක් සකස් කරලා තිබුණා ඔය සිදුවීම සිද්ධ වුණ කාළයේ. (දැන් නම් ඒක නෑ) වැහි පොද වැටෙන නිසා අපි හැමෝම එතනට ගිය. ගිහින් ළිං බැම්ම උඩ කට්ටියම වාඩි වුණ අතර, ෆොටෝ ගහන්න යනව කිව්ව එකා දැන් චණ්ඩිය වගේ ගේ ඉදිරි පස ගේට්ටුවේ කුඩා දොර ඇරගෙන, ෆොන් එකේ ෆ්ලෑෂ් බල්බ් එකත් ඔන් කරගෙන තට්ට තනියම දොළ පහර ළගට යන්න පිටත් වුණා. ඌ නොපෙනී යනවාත් සමගම මම තව කොල්ලො දෙන්නෙක්ට යන්න කිව්ව උගෙ පස්සෙන්. කොයි එකටත්, සතෙක් සර්පයෙක්වත් හිටියොත් කියලා. දැන් බඩ්ඩ වටෙන් ගිහින් දොළ පහර පැත්තට එනකොට අපි ඉන්න තැනට ලාවට වගේ පේනව මිනිහගේ ෆ්ලෑෂ ලයිට් එක. පිටිපස්සෙන් යවපු ආරක්ෂකයො දෙන්න අපිට පේන්නේ නෑ, උන් ගරිල්ලා ක්‍ර‍මයට නේ යන්නේ. දැන් අපිට පේන විදියට යාලුවා ෆොටෝස් ගන්නව. නමුත් දොළ පාර ළගටම ගිහින් නෑ. ඉතාම හදිස්සියෙන් හදිස්සියෙන් ෆෙටෝස් ටිකක් ගහගත්ත යාලුව දුවගෙන ආව. ඇවිල්ලා ගේට්ටුවෙන් ඇතුළට එනකොට කිසිම කළබලයක් නැතුව හෙන චණ්ඩියා වගේ අපි ඉන්න තැනට ආව. ආරක්ෂාවට ගිය දෙන්න හිමිහට හිමිහිට මුගෙ පිටිපස්සෙන් ඇවිල්ල ළිද ලගමට ආවට පස්සේ බය හිතෙන සද්දයක් දාල යාලුවව බයකළා. මූ කොච්චර බය වුණාද කියනවනම් ළිදට නොවැටී බේරැණේ අනූ නවයෙන්.
  18. දැන් කට්ටියට ෆොටෝස් ටික බලනකම් ඉවසිල්ලක් නෑ. වැස්ස තදකරන පාටක් පේන්න තිබුණ නිසා කට්ටියම ගියා ගේ ඇතුළට. ගිහින් අර මුලින් කිව්ව ලැප් එක තියෙන යාලුවගේ ලැප් එකට අර ෆොටෝස ටික කොපි කරගෙන දැන් කට්ටිය වටවෙලා ෆොටෝස් බලනව. මූ කොහොම හරි ෆොටෝස් 30 විතර අරන් තිබුණා. ඒත් මුලින් කියපු තැනටම ගිහින් නෙමෙයිනෙ ෆොටෝ අරන් තියෙන්නේ. ඒක නිසා තව කෙනෙක්ට අනිවාර්යෙන් යන්න සිද්ධ වෙනවා කියලා හැමෝම දැනගන උන්නේ. කොහොම හරි මේ ෆොටෝස බලන කොට දවල්ට පේන්න නැති දර්ශන ගොඩක් දකින්න ලැබුණා. ඒත් හරියටම පැහැදිලි නෑ. දොල පහර හරහා යන ඒදණ්ංඩ ළගට බසින තැන කුඩා බෑවුම් හැඩයක් තියෙන්නේ. යාලුවා අපිට කිව්වේ වැඩ්ඩෙක් ඉන්නවනම් දොළ පාර ළගට ගිහින් ෆොටෝස් ගන්න කියලනේ. ඒ කියන්නේ අඩු ගානේ ඒදණ්ඩ මතදී කියලා තමයි අපි කතා කරගත්තේ. යාලුවා බෑවුම මත සිට ගත්ත චායා රූප වල ඒදණ්ඩක් දිස්වුණේ නෑ. අපි හිතුවේ කලුවර නිසා කියලා. තව කිහිපයක් නිරීක්ෂණය කරනකොට දක්නට ලැබුණේ ලාවට වගේ දොළ පහර හරහා යන ඒ දණ්ඩ වෙනුවට අඩි හතරක් විතර පළල ඇති පෞරාණික පෙණුමක් ඇති කුඩා පාළමක්. කුඹුරත් චායා රෑප වල දිස් වූයේ වෙනස් ආකාරයකට. නමුත් කරැවලේ පොටෝ එක වදින කොට වැදිල තියෙන හැටි වෙන්නැති කියලා අපි කතා වුණා.
  19. "හරි හරි දැන් ඊළගට මොකා..ද යන්නේ, මුලින් ගිය එකා කියන්නට වුණා." ඊළගට යාමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසාත්, ඡායා රෑප වල දුටු දේ සත්‍යදැයි දැන ගැනීමට අවශ්‍ය නිසාත් මම ම ඉදිරිපත් වුණා මම යන්නම් මචන් කියලා. මම දන්නවනේ කවුරැ හරි යාලුවො දෙන්නෙක් අනිවාර්යෙන් පිටිපස්සෙන් එවනව කියලා. මේ වෙද්දි වෙලාව 4.00 පමණ ඇති. පොද වැස්ස තරමක් තද වෙලා, තව ටික වෙලාවක් යනකොට ධාරානිපාත වර්ෂාවක් ඇතිවෙන ලකුණු පේන්න තිබුණේ. මම ඕන දෙයක් කියල පුරැෂ ශක්තිය අරන් මිදුලට බැස්ස. වට පිට නිරීක්ෂණය කරා, තද සුළග, ගෙරවිල්ල, විදුලි කෙටීමට අමතරව වෙනත් විශේෂ අමුතු දෙයක් නෑ, දවල්ට යනවනම් රෑට යන්න බය මොකටද කියලා හිතට දෛර්ය අරන් දකුණු කකුල පෙරට තියල දොල පහර දිහාට යන්න හැරුණා විතරයි චිටිස් ගාල විශාල අකුණු පහරක් පුපුරා ගියා. ඒක හරියටම වැදුනේ අපේ ඇන්ටෙනාවට. ඇන්ටෙනාවෙන් ඇතුලු වුණු අකුණු පහර ගලවා පිටතට දමා තිබූ කේබල් එකෙන් පිටවෙලා ගියේ චිටිස් හඩින්. ඔය සියල්ල සිදු වීමට තත්පරයකටත් අඩු කාළයක් තමයි ගතවුණේ. ඒත් සමගම ඩෝං ඩෝං ගාල ගෙරවිල්ලක් ඇතිවුණේ ශබ්ධයේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩිබව සිහිගන්වමින්. ඒත් සමගම ගස් කොළන් ඒ මේ අත අඹරවමින් වේගයෙන් සුළං හමායන්නට වුණා. නිවෙස අසල ඇති පොල් ගහ දැන් කඩන් වැටේවි යැයි සිතෙන තරමටම පොල් ගස පැද්දෙන්නට වුණා. ඒත් සමගම හූ... හූ..... යන්නැද්දෝ... බය දෝ... හූ... හූ.... අඩෝ හූ..... කිය කියා කට්ටිය විහිලු කරන්නට වුණා.
  20. දැන් නම් යන්නම වෙන තත්වයක් තමයි ඇති වුණේ. ඕනේ දෙයක් කියල මම දැන් යනව දොල පහර දිහාවට. වරින් වර ඇතිවන අකුණු ආලෝකය නිසා විවිධ රෑප මැවි මැවී පේනව. ඒ නිසා හිතේ ගැස්ම වැඩි වෙනව දොල පහරට කිට්ටු වෙනව කියල හිතනකොට. වෙලට ළං වෙනවත් එක්කම ගෙම්බන් සිය ගණන් කැගසන ශබ්ධය කන් අඩි පුපුරා යන තරමට. වැසි නිසා ගෙම්බන්ට රජ මගුල්. උන් වෙනදා නැති ප්‍රබෝධමත් ගතියකින් කෑ ගසනව. මාත් සමග තරහට කෑ ගසනවා යන හැගීමක් තමයි ඇතිවුණේ ඒ ශබ්ධයෙන්. ඒත් එක්කම රැහැයියන් ගේ කීස් කීස් නාදය ඇගේ හිරිගඩු පිපෙනතරමට තියුණුවෙන් ඇසෙන්නට වුනේ උන් මා එනු දැකීමෙන්දැයි මට ඒවෙලේ හිතුණා. තද සුළගට ඇඹරෙන ගසකින් ඉබේ ගැලවුණු වේලුණු පොල් අත්තක් සුලගට පාවෙලා ඇවිදින් මම යන ඉස්සරහට වැටුණා. මගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනව. යාලුවො පිටිපස්සෙන් එනව කියල දන්න නිසා මම බය නෑ වගේ ඉස්සරහට ගියා. දැන් කළින් ආව යාලුවා ඡායා රූප ගත්ත තැනට මමත් ආව. බෑවුමෙන් බැහැලා දොල පහර ළගට ආවා. එකපාරටම මුලු පරිසරයම නිහඩ වෙමින් ගෙම්බන්ගේ සහ රැහැයියන්ගේ ශබ්ධ නෑසී ගියා. නමුත් වැස්ස ධාරානිපාත ලෙස වසින්නට වුණා. මම බලා සිටිද්දීම දොල පහරේ වතුර මට්ටම වැඩි වුණා. කුඹුරේද ලියදි වතුරින් පිරී ගියා. මුලු කුඹුරම වතුරින් පිරිලා වැවක් වගේ දැන් පේන්නේ. මෙ සියලු දේ වීමට ගතවුණේ නිමේෂයක් පමණයි. කොයි තරම් වැස්සත් මාව නොතෙමෙන බවක් මට දැනුණා. මම වහාම උඩ බැලුවා,ඒත් සමගම ඇතිවූ අකුණු එළියෙන් මා දුටු දෙය ඇත්තක්ද? මට මගේ ඇසිපිය අදහාගන්නට බෑ, මම දැන් ඉන්නේ කලු ගලින් සැසසූ ආරැක්කුවක් යට. එය හරියට යම්කිසි ස්ථානයකට පිවිසෙන දොරටුවක් වගේ. ඊළග අකුණු පහරත් සමගම මම නැවත් උඩ බැලුවේ මා දුටු දෙය ඇත්තමදැයි නැවත වරක් දැක ගන්න, නමුත් එවර මට දිස් වූයේ සුපුරැදු විශාල මාර ගස.
  21. දැන් නම් මම හොදටම තෙමිලා. මම දැක්ක දේ හිතේ ඇතිවුණු බය නිසා පෙනුන දෙයක් වෙන්න ඇති කියලා හිතලා. සාක්කුවේ තිබුණ ෆෝන් එක අරගෙන ෆොටෝ ටිකකුත් අරගත්තා. (මගේ ෆොන් එකට වතුර යන්නේ නෑ...) දොල පහර හරහා ඇති ඒදණ්ඩට නැගලා තව ෆොටෝ ටිකක් ගන්නව කියලා හිතලා ඒදණ්ඩේ මැද හරියට ගිහින් ගැහුවා ෆොටෝ එකක්. ෆ්ලෑෂ් එකේ එළියට හොරැහින් වගේ දැක්කා යමක්. මගේ ඇග සීතල වුණා වගේ. මෙනවත් දැක්කේ නෑ වගේ තවත් ෆොටෝ එකක් ගත්තා. දෙවියන් බුදුන් සිහිවුණා. මගේ වම් පැත්තෙන් තෙත බරිත වුණු අඩ නිරැවත් කාන්තාවක්, ඇයගේ ඇගේ යටි කොටස දොල පහර තුල, උඩ කොටස විතරයි පේන්න තිබ්බේ. මුහුණ නොපෙණෙන ලෙස තෙත් වුණ කොණ්ඩය මූණට වැටිලා තිබුණේ. උඩු කය විවර වෙලා ඇගේ හිසකෙස් වලින් පමණක් පියයුරැ යුගල වැසී ගිහින්.
  22. නැවත් වරක් තදබල අකුණු පහරක් පුපුරා ගියා, එහි ආලෝකයත් සමගම කාන්තා රූපය දැක ගැනීමේ අරමුණින් වම් පස හැරී බැලුවත් පෙර දුටු ඒ කාන්තාව දැක ගැනීමට නොහැකි වුණා. මගේ දෙකකුල් පණ නැතිව යනවා වගේ මට දැනුනා. ආපසු හැරී ඉක්මණින් බෑවුමට ගොඩ වෙලා නැවත් වරක් හැරී බැලුව, වතුර පිරැණු වෙල් යායේ බෙල්ල පමණක් ඉහලට සිටින සේ වතුරේ ගිලී ඇය මා දෙස බලා සිටිනවා....
  23. මතු සම්බන්ධයි....
  24.  
  25.  
  26. උපුටා ගැනීමකි .සියලුම හිමිකම් මුල් රචකයා සතුයි
  27. මුල් රචකයා
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement