Advertisement
hashlok95

Untitled

Nov 17th, 2018
112
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 5.81 KB | None | 0 0
  1. Group Name: GROUP_NAME
  2. Message: රාත්‍රියේදී අැඳ කඩන් වැටුනාට පසු දෙදෙනා අතර ඇති වූ විවාදය....🤣
  3. #අවවාදයි තනියම සිනාසී අවට සිටින්නන් පිස්සෙක් යැයි සිතීමට ඉඩ ඇත....
  4.  
  5. USER_NAME
  6. නුරා ගී පුර සඳ
  7. මුකුළු කරමින් බලයි දොරකඩ
  8. අනේ මගෙ හිමිසඳ
  9. අදත් ඇවිදින් කඩනවද ඇඳ..??
  10.  
  11. USER_NAME
  12. තුරුලට සළුපිලි එහෙ මෙහෙට ඇද
  13. නිදහස් කලා හැඟුමන් හැම රැහැන් බිඳ
  14. දෙවරක් ඉහල ගොස් සිපගත් විටදී බඳ
  15. මල හත්තිලව්වේ කැඩුනා දිරපු ඇඳ
  16.  
  17. USER_NAME
  18. සිහියක් පතක් නෑ මදනය වගේ ඉඳ
  19. ඊයේ ඉඳන් ඇවිලෙන තුනටියත් බිඳ
  20. අල්ලල කස්තිරම් වෙස්තට්ටුවක් බැඳ
  21. ඇයි හත්තිලවුවේ කැඩුවේ දිරපු ඇඳ
  22.  
  23. #USER_NAME_USER_NAME
  24. කෙට්ටු වෙන්න බොනවයි කිව්වාට කැඳ
  25. තම්බ තම්බ කෑවෙම බිත්තරේ මද
  26. ඔය බර කොහොම උහුලන්නද දිරපු ඇඳ
  27. ඇඳට වඩා ඒකයි බන් පැදුර හොඳ
  28.  
  29. #USER_NAME_USER_NAME
  30. මට්ටු කරන්නට වාහේ උඹව අද
  31. කොස්ස ගන්නෙ ආවාද මට කරල ඇද
  32. හෙට්ටු කරල අරගත්තේ මගේ ඇඳ
  33. මෙට්ටෙ වගේ කොහොමද බං පැදුර හොඳ
  34.  
  35. #USER_NAME_USER_NAME
  36. පොළවෙන් දැනෙන සිසිලස නිදහසේ විඳ
  37. ආදර හැඟුම් විඳ ගනිමින් බිඳින් බිඳ
  38. පර්වතයක් උනත් පැදුරක බදා හිඳ
  39. යහතින් නැගිටලා ආ හැකි නිසයි හොඳ
  40.  
  41. #USER_NAME_USER_NAME
  42. දෙන්නම් කියා අලි කොටි කැන්දන් ආවේ
  43. කැඳවත් නැතුව ඇල්වතුරයි මං බීවේ
  44. ආවා දොඩවන්න පොළොවේ සුවතාවේ
  45. මිනිහෝ උඹයි මගෙ ජීවිතයම කෑවේ
  46.  
  47. #USER_NAME_USER_NAME
  48. තව මොකකටද දෙන්නගෙ මේ ගැන වාද
  49. ගෙයි ගිණි පිටට දීලා හරියන වාද
  50. මොක කැඩුනත් මැණිකෙ උඹ මගෙමයි නේද
  51. අළුත්ම ඇඳක පෙර ලෙස සැනසෙමු හාද
  52.  
  53. #USER_NAME_USER_NAME
  54. ඔය බොරු චාටු දහ අවුරුද්දක් ඇහුවා
  55. එලියට ගිනි නොදී ඒ ගිනි යට ගැහුවා
  56. මේ පාරනම් මිනිහෝ කිවුවොත් කිවුවා
  57. ඇඳ හදනකල් හිටු එලියේ දොර වැහුවා
  58.  
  59. #USER_NAME_USER_NAME
  60. වහගෙන ඉඳින් මටනම් නෑ කිසි කාරී
  61. ඕනෑ නෑ තවත් මට මේ වධ භාරී
  62. නෙරියෙන් යටින් අඳිනා ලස්සන සාරී
  63. අල්ලපු ගෙදර සුමනත් හරි හැඩ කාරී
  64.  
  65. #USER_NAME_USER_NAME
  66. උඹ වගෙ නරි හමෙක් නැතුවට බං මෙමට
  67. යතහැකි තව දීග හතකුත් යස රඟට
  68. එනකොට අරන් ආවේ නෑ මං මෙහෙට
  69. දරු හත් දෙනත් අරගෙන පලයං එහෙට
  70.  
  71. #USER_NAME_USER_NAME
  72. හිතන් ඉන්නෙ නම් ගන්නට දීග හතක්
  73. හෙන්ඩුව නැතිව වේවිද බන් මෙල්ල ඇතෙක්
  74. කට කයිවාරු ගැහුවට මේ වාහෙ කොතෙක්
  75. මේකට කර ගහන්නට නෑ වෙනත් එකෙක්
  76.  
  77. #USER_NAME_USER_NAME
  78. මේ වගෙ අයද මා ගෙන යන්නට ආවේ
  79. පෙර කරුමයක් පලදීමකි සිදු වූවේ
  80. අම්මල ඒ දවස් වල ඔය ටික කීවේ
  81. ඒවා අහන්නැතුවයි මේ වහ කෑවේ
  82.  
  83. #USER_NAME_USER_NAME
  84. රනිලුයි මෛත්‍රී වාගේ නොවී අපී
  85. එක වහලයක් යට ඉමු තව මොටද කිපී
  86. එක එක කතා කිව්වට ඔය අවට හිපී
  87. මට උඹ තරම් මැණිකක් තව කොහෙද පපී
  88.  
  89. #USER_NAME_USER_NAME
  90. කැඩෙනා තුරු බලාගෙන හිටියට දීගේ
  91. ඇස්වල කටු ඇනෙයි දැන් කාගෙත් කාගේ
  92. ඔබ මිස වෙන කවුද පණ රන්කඳ මාගේ
  93. ඇහුනද මෙයා අපි ඉමු රන් රස වාගේ
  94.  
  95. සමීර මල්ලීටයි USER_NAME නංගීටයි මාගේ විශේෂ ස්තූතිය...👍
  96.  
  97. මේ සියල්ල අසා සිටි එහා ගෙදර "අමර"
  98. USER_NAME
  99. උඹලගෙ වලිය තවනම් බෑ ඉවසන්න
  100. තනිකඩ මගේ සිතනම් බෑ වාවන්න
  101. දෙන්නද මගේ ඇද උඹලට නිදියන්න
  102. ඒ ලග බිමින් මට බැරි වෙද නිදියන්න
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement